අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා පෙබරවාරි මස 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.
ඒ, එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු එම් ගොපල්ලව මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
එහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නේ මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් අතුරු සහන ඉල්ලීමක් අපේක්ෂා කරන බැවින් වගඋත්තරකරුවන් සියලු දෙනාට නොතීසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සුදුසු බවයි.
ඒ අනුව මේ මස 27 වනදාට පෙර සියලු වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළා.
ඉන් අනතුරුවයි පෙත්සම සලකා බැලීම සඳහා පෙබරවාරි මස 19 වනදා කැඳවීමට ද නියම කෙරුණේ.