Wednesday, January 22, 2025

General line - 0115112241

නාමල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් වෙනම විමර්ශනයක්




බන්ධනාගාරගත වීම සම්බන්ධයෙන් තමාට කිසිදු ගැටලුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පැවසුවා. 

ඒ, කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4යි දශම 3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක් මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් කියා සිටියේ එම සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.