Wednesday, January 22, 2025

General line - 0115112241

පොල් රටින් ගේන්නේ නෑ - ආණ්ඩුව අද කියයි




පරිභෝජනය සඳහා පොල් පිටරටින් ගෙන ඒම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පොල් නිෂ්පාදන අපනයනකරුවන්ට අවශ්‍ය අර්ධ නිමි අමුද්‍රව්‍ය පමණක් ආනයනය කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුවී ඇති බවයි.

කෙසේවෙතත් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකොන් මහතා සඳහන් කළේ 2023 වසරේ සිට මෙරට පොල් නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවයි. 

2021, 2022 වසරවලට සාපේක්‍ෂව 2024 වසරේදී පොල් ගෙඩි මිලියන 700ක අඩුවක් වාර්තා වී තිබෙනවා. 

ඒ අනුව, ඉදිරි මාස කිහිපය ඇතුළත පොල් ආනයනය කළ යුතු බවත් පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා ඇති බවත් සභාපතිවරයා ඊයේ පැවසුවා. 

ඔහු පැවසුවේ ජනවාරි සිට අපේ්්‍රල් දක්වා අපේක්‍ෂිත පොල් අස්වැන්න රටට නොලැබෙනු ඇති බවයි.