කොළඹ වරායේ බහාලුම් තදබදය අවසන් කරන බවට රේගු නිලධාරීන් පැවසුවද තවදුරටත් වරායේ බහාලුම් සිර වී ඇතැයි බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසුවේ පසුගිය දිනවලට සාපේක්‍ෂව සිරවී ඇති බහාලුම් ප්‍රමාණ්‍ය ඉහළ ගොස් ඇති බවයි.
බහාලුම් කඩිනමින් නිදහස් කිරීම සඳහා නිලධාරීන් රාජකාරියේ නිරත වනවාදැයි නිසි අධීක්‍ෂණයක් නොවන බවටද ඔහු චෝදනා කළා.