විද්‍යුත් ජාතික හැඳුනුම්පත් පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම මෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ,ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී පැවැත්වුණා.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ප්‍රධාන අභියෝග සහ මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
එමෙන්ම අදාළ පාර්ශ්වකරුවන් විසින් අදහස් හුවමාරු කර ගැනීම සහ මතුව ඇති ගැටලු සඳහා ලබාදිය හැකි විසඳුම් හඳුනා ගැනීමද එහිදී සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
එම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක සහ ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය පිළිබඳව එහිදී දීර්ඝ ලෙස පැහැදිලි කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායත මහතාගේ දැක්මට අනුව ක්‍රියාත්මක වන ඩිජිටල් ආර්ථික වැඩසටහනට සමගාමීව, විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.
එය විධිමත් කිරීම සහ ඒ පිළිබඳ ජනතාවට පැහැදිලි අවබෝධයක් ලබාදීම මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.