අල්ලස් ලබා ගැනීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ගිරිබාව පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් නිලධාරියා ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකරු පෙබරවාරි 06වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
එමෙන්ම එදින සැකකාර පොලිස් සැරයන්වරයා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කර තිබෙනවා.
නිවසකදී අල්ලස් ලෙස රුපියල් 20,000ක මුදලක් ලබා ගත් අවස්ථාවේදී එම පොලිස් සැරයන්වරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගිරිබාව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි.
පැමිණිලිකරු විවාහ වී සිටි දැනට ඔහුව අතහැර ගොස් සිටින බිරිඳට විරුද්ධව පැමිණිලිකරු විසින් පවරන ලද වන්දි නඩුවට අදාළව බිරිඳට විරුද්ධව ඇති වරෙන්තුව ක්‍රියාත්මක කර ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර දීම මගින් හිඟ වන්දි මුදල ලබා ගැනීමට සහය දැක්වීමට එම පොලිස් නිලධාරියා එලෙස අල්ලස් මුදල ලබා ගෙන තිබෙනවා.