Monday, January 27, 2025

General line - 0115112241

කොවිඩ් මූලාරම්භය පිළිබඳ නව වාර්තාවක් සීඅයිඒ නිකුත් කරයි




මාරාන්තික කොවිඩ් වසංගතයේ මූලාරම්භය පිළිබඳ නව තක්සේරුවක් ඇමෙරිකාවේ සීඅයිඒ බුද්ධි අංශය ඉදිරිපත් කර තිබෙනවා 

එම වාර්තාවේ දැක්වෙන්නේ කොරෝනා කිරීටක වෛරසය සතෙකුගෙන් ව්‍යාප්තවීමට ඇති හැකියාවට වඩා එය රසායනාගාරයකින් පිටවී ඇති බවයි 

කෙසේ වුවද එහි නිරවද්‍යතාව සම්බන්ධයෙන් 100%ක් සහතික විය නොහැකි බවද එම ඒජන්සිය තවදුරටත් පවසනවා.

වසංගත ව්‍යාප්තිය,  ස්වභාවික සම්භවයකට වඩා වැඩි පර්යේෂණ ආශ්‍රිත සම්භවයක් පවතින්නක් බවයි සීඅයිඒ බුද්ධි ඒජන්සිය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

ඇමෙරිකා ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පත් කරන ලද සීඅයිඒ හි නව අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් විසින් එම තක්සේරුව වාර්තාව නිකුත් කර තිබෙන අතර සීඅයිඒ නව අධ්‍යක්ෂවරයාගේ පළමු රාජකාරිය ලෙසද මෙම වාර්තාව නිකුත් කිරීම දැක්විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය තුළ ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ලෙස සේවය කළ රැට්ක්ලිෆ්, බොහෝ කලක සිට  කොවිඩ් බොහෝ විට වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ කාන්දුවකින් පැමිණි බව ප්‍රකාශ කර තිබුනා 

මාරාන්තික කොවිඩ් වසංගතය ඇමරිකානුවන් මිලියන 1.2 කට වැඩි ප්‍රමාණයක් සහ ලොව පුරා මිලියන හතකට අධික ජනතාවක් මරා දමා තිබෙනවා . 

COVID-19 හි මූලාරම්භය පිළිබඳ පූර්ව වාර්තා බෙදී ගියේ කොරෝනා වයිරසය චීන විද්‍යාගාරයකින් මතු වූයේ වැරදීමකින් ද නැතහොත් එය ස්වභාවිකව ඇති වූවක් ද යන්න පිළිබඳවයි

සීඅයිඒ බුද්ධි ඒජන්සිය අංශ නිලධාරීන් පවසන්නේ, චීන බලධාරීන්ගේ සහයෝගිතාව නොමැතිව  එය කිසි විටෙකත් විසඳිය නොහැකි බවයි.

වෛරසයේ මූලාරම්භය තවමත් නොදන්නා අතර, විද්‍යාඥයන් සිතන්නේ එය බොහෝ කිරීටක වෛරස් වවුලන් තුළ සංසරණය වීමට පෙර වෙනත් විශේෂයකට, බොහෝ විට බල්ලන් ,බළලුන් මීයන් තුළ සංසරණය වූ බවයි. 

2019 නොවැම්බර් මස අගදී පළමු මිනිස් සිද්ධීන් දර්ශනය වූ වුහාන් හි වෙළඳපලක එම සතුන් හසුරුවන හෝ මස් කරන මිනිසුන් වෙත ආසාදනය පැතිර ගොස් තිබුනා 

කෙසේ වෙතත්, සමහර නිල පරීක්ෂණ මගින් වෛරසය වුහාන්හි රසායනාගාරයකින් පිටවී ගියේද යන ප්‍රශ්නය මතු කර තිබෙනවා