Monday, January 27, 2025

General line - 0115112241

අයහපත් කාලගුණයෙන් පිඩාවට පත් සංඛ්‍යාව 97,000ස ඉක්මවයි




ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

උතුරු මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි. 

බස්නාහිර සහ සබරගමුව පළාත්වල රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
 

මේ අතර පසුගිය 10 වනදා සිට මේ දක්වා පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 27,751කට අයත් පුද්ගලයින් 97,000ක පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා.