ධීවරයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා.
මේ වන විටත් ඒ සඳහා රක්ෂණ සමාගමක් එකගතාවය පළකර ඇති අතර එළඹෙන අයවැයෙන් පසු ධීවරයින් සඳහා මෙම රක්ෂණය ලබාදීමට නියමිත බවයි ඔහු පැවසුවේ.
පූර්ණ සහ අර්ධ දේපල හානිවලදී මෙන්ම ජීවිත හානිවලදී මෙහිදී ප්රතිලාභ ලබාදීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.