ජාතික ජන බලවේගය ලබාගත් බලය තවත් වසර කිහිපයක් පවත්වාගෙන යන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පවසනවා.
විපක්ෂය විසින් ආණ්ඩුව අපහසුතාවයට පත්වන ආකාරයේ විවිධ චෝදනා එල්ල කළ ද ආණ්ඩුවේ වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළේ.
පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකර අත්අඩංගුවට ගන්නා ලෙසයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා රජයෙන් ඉල්ලා සිටියේ.
විවිධ චෝදනා එල්ල කරමින් විපක්ෂයේ වැඩපිළිවෙල නතර කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා. ආණ්ඩුවේ ඇතැම් කණ්ඩායම් විසින් තමන්ට එල්ල කළ චෝදනාවලට මන්ත්‍රීවරයා මෙලෙස පිළිතුරු ලබාදුන්නා.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ නිල නිවාස සම්බන්ධයෙන් රජය විසින් මේ වන විට ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරල මහත්මිය මෙලෙස අදහස් පළ කළා.