පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනු කළ පෙත්සමක් විභාගය සඳහා පෙබරවාරි මස 06 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.
ඒ මෙම පෙත්සම ධම්මික ගනේපොල සහ දමිත් තොටවත්ත යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
මීට පෙර මෙම නඩුව විභාග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් කිහිප දෙනෙකු උසස්වීම් ලබා තිබීම හේතුවෙන් මෙම පෙත්සම නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා බවත් මෙහිදී විනිසුරු මඩුල්ල විසින් නිවේදනය කළා.
ඒ අනුව අදාල පෙත්සම විභාගය සඳහා පෙබරවාරි මස 06 වනදා නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන බවත් විනිසුරු මඩුල්ල නියෝග කළා.
පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා කියා සිටින්නේ තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෞද්ගලික පැමිණිල්ලකට අදාලව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ සිතාසිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.
ඒ අනුව තමන්ට සිතාසි නිකුත් කර තිබෙන ආකාරය නීති විරෝධී යැයි තීන්දුකොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.