Friday, January 31, 2025

General line - 0115112241

හිටපු අමාත්‍යංශ ලේකම් මායාදුන්නේට මිලියන 183ක මුදල් වංචා චෝදනා නැහැ - නීතිඥවරයා කියයි




හිටපු අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතාට රුපියල් මිලියන 183ක මුදල් වංචාවක් හෝ ඒ හා සමාන මුදලක් සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් අධිකරණය හමුවේ ඉදිරිපත් නොවූ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරංග පෙරේරා මහතා පවසනවා. 

රුපියල් ලක්ෂයක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි සිද්ධියකට අදාළව පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළ බවද ඔහු කියා සිටියා.

රුපියල් මිලියන 183ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරංග පෙරේරා මහතා මේ බව පැවසුවා.