මත්තේගොඩ ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය අභිනව ඉංජිනේරු පීඨ සංකීර්ණය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.
එහි ඉදිකිරීම් කඩිනම් කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍යවරිය එහිදී අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කළ බවයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.
විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ආචාර්යවරුන්ගේ හිඟයට කඩිනම් විසඳුම් ලබා ගැනීම සඳහාද එහිදී සාකච්ඡා කර තිබෙනවා.