කොළඹ වරායේ බණ්ඩාරණායක ජැටියේ බහාලුමක හට ගත් ගින්නක් මේ වන විට මැඩපවත්වා තිබෙනවා.
නාවික හමුදාව පැවසුවේ කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියේ හතරවන අංගනයේ තිබූ බහාලුමක එම ගින්න හට ගෙන තිබූ බවයි.
එහි බහාලුමක් තුළින් දුමාරයක් පිටවන බවත්, එය පරීක්ෂා කිරීම සඳහා ගිනි නිවීමේ කණ්ඩායමකගේ සහය ලබාදෙන ලෙසත්, කොළඹ වරාය පාලක මැදිරිය විසින් බටහිර නාවික විධාන මෙහෙයුම් මැදිරිය වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව නාවික හමුදා කණ්ඩායමක් සහ ගිනි නිවීමේ රථ එම ස්ථානයට ගොස් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ බවයි නාවික හමුදාව පැවසුවේ.
අදාළ බහාලුමේ අසුරා තිබූ පිරිසිදුකාරක ද්‍රව්‍ය කොටසක් එලෙස ගිනි ගනිමින් තිබූ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.