Monday, February 10, 2025

General line - 0115112241

ජනවාරි මාසයේ නිදහස් කළ බහාලුම් පිළිබඳ තොරතුරු ගම්මන්පිල ඉල්ලයි




ජනවාරි මාසය තුළ නිදහස් කරනු ලැබූ බහාලුම් පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා. 

ඒ, තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරියාගෙන්. 

ඒ අනුව ජනවාරි මාසය තුළ රේගු පරීක්ෂාවෙන් තොරව නිදහස් කර ඇති බහාලුම් ප්‍රමාණය, එම බහාලුම්වල ලැබුම්කරුවන් ලෙස සඳහන් කරන ලද නම්, එම එක් එක් ලැබුම්කරුවන් මීට පෙර රේගු වැරදි සිදුකර ඇත්නම් ඒ පිළිබඳව ද තොරතුරු ඉල්ලා තිබෙනවා. 
 

එමෙන්ම පරික්ෂාවෙන් තොරව නිකුත් කළ බහාලුම්වලින් කොපමණ ප්‍රමාණයක් රතු මාර්ගයේ සහ තැඹිලි මාර්ගයේ යැවීමට නිර්දේශ කර තිබූ ඒවාද, ඒවායෙහි යැවීමට නිර්දේශිත බහාලුම්වල අඩංගු වූ භාණ්ඩ මොනවාද සහ එම බහාලුම් දිවයිනට එවූ රටවල් මොනවා ද යන්න සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙසයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.