Monday, February 10, 2025

General line - 0115112241

අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට




මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. 

ඒ, නාවික හමුදාව විසින් මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි. 

එහිදී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
 

එලෙස නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනා ඉරණතිව් දූපත වෙත රැගෙන ආ බවයි නාවික හමුදාව පැවසුවේ. 

එම ධීවර යාත්‍රා දෙක සහ ධීවරයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කිළිනොච්චිය සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.