වර්තමානයේ රටෙහි පවතින්නේ ජනතාව ජීවත් කළ නොහැකි ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
මේ අතර වත්මන් ආණ්ඩුව විසින් තවමත් පසුගිය ආණ්ඩුවට චෝදනා නගමින් සිටන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මත සිය විශ්වාස තබා රටේ ජනතාව නව ආණ්ඩුව පත් කිරීමට කටයුතු කළ බවයි පොලොන්නරුව ප්‍රදේශයේ පැවති පොදුජන පෙරමුණේ “ගමින් ගමට” වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ.