Monday, February 10, 2025

General line - 0115112241

බස් රථයකට මගීන්ගෙන් තණමල්විලදී අමතක නොවන පාඩමක්




මොණරාගල සිට කොළඹ බලා මගීන් ද සමග අධික වේගයෙන් සහ ඉතාමත්ම අපරෙක්ෂාකාරි ලෙස ධාවනය කල පෞද්ගලික බස් රථයක් පොලිසියට අල්ලා දීමට එම බස් රථයේ සිටි මගින් පිරිසක් කටයුතු කර තිබෙනවා.

වැල්ලවාය ඇතිලිවැව ප්‍රදේශයේ සිට විනාඩි එකොලහක් වැනි කෙටි කලායක් තුල මෙම බස් රථයේ රියදුරු විසින් තණමල්විලට බස් රථය අධික වේගයෙන් ධාවනය කර ඇත.

සාමනයෙන් එම දුර ධාවනය කිරීමට පැය භාගයකට අධික කාලයක් වැය වන අතර මෙම රියදුරුගේ සහ කොන්දොස්තර වරයාගේ හැසිරීම සම්බන්ධයෙන් බස් රථයේ සිටි මගින් පොලිසියට දුරකථන ඇමතුම් ලබා දී දැනුවත් කර තිබෙනවා.

පසුව පොලිස් නිලධාරීන් තණමල්විල පොලිස් ස්ථානය අසල දී බස් රථය නවතා මූලික විමර්ශන සිදු කර ඇති අතර පසුව එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර වරයා අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇත්ද යන්න සොයා පරීක්ෂණ කිහිපයක් ද සිදු කිරීමට නියමිත අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.