ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු මෙරටින් පළා ගොස් ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ පස්වරුවේ ගස්කිස්ස පොලිස් ස්ථානය වෙත පැමිණි එම කොස්තාපල්වරයා, පොලිස් ස්ථානය තිබූ ටී 56 ගිනිඅවියක් සහ පතොරම් 30 ලබාගෙන සිය රාජකාරි ස්ථානයට යන බව පවසා පිටව ගොස් තිබෙනවා.
කෙසේවෙතත් අදාළ කොස්තාපල්වරයා සිය රාජකාරි ස්ථානයට වාර්තා නොකිරීම හේතුවෙන් සිදුකල විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඔහු ඩුබායි රාජ්‍ය වෙත විදෙස් ගතවී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා.