Tuesday, February 11, 2025

General line - 0115112241

2024දී තුන් ලක්ෂ දාහතර දහසක් රැකියා සඳහා විදෙස් ගත වෙයි




 2024 වර්ෂයේදී ශ්‍රී ලාංකිකයින් තුන් ලක්ෂ දාහතර දහසක් පමණ රැකියා සඳහා විදේශ ගත වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. 

එහි සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී. සේනානායක මහතා පැවසුවේ ඒ අනුව එම වර්ෂයේදී ඇමරිකන් ඩොලර් බිලියන 6යි දශම 5යි 1ක විගමණික ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබුණු බවයි. 

2024 වසරේදී විදේශ රැකියා සඳහා යොමුවූ ශ්‍රමිකයින් අතරින් වැඩිම පිරිසක් ගොස් ඇත්තේ වෘත්තිමය රැකියා සඳහායි. 

එම පිරිස සියයට 65% ක් වනවා. 

අවම වෘත්තිමය රැකියා සඳහා සියයට 35% ක පිරිසක් ද එම වසරේ විදෙස් ගත වූ බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසුවේ