Wednesday, February 12, 2025

General line - 0115112241

පොලිස් ඇපමත මුදාහැරුණු අයෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන

සම්පත් කුලරත්න




වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එක්දරු පියෙකු පොලිස් ඇපමත මුදාහැරීමෙන් පසු සිය නිවසට ගොස් සිටියදී මියයාම සම්බන්ධයෙන් පානදුර පොලිස් අධිකාරී කාර්යාලය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි එක්දරු පියෙකු බවයි නෙත් නිවුස වාර්තාකරු පැවසුවේ. 

එම පුද්ගලයා ඊයේ දිනයේ රිය අනතුරකට භාජනය වීමෙන් පසුව වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රදවාගෙන සිට පොලිස් ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ. 

පොලිස් ඇප මත මුදාහැරුණු එම පුද්ගලයා සිය නිවසට ගොස් සිටියදී ලේ වමනය කිරීමෙන් පසු රෝහල් ගතකර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් පවසන්නේ පොලිසිය අමානුෂික අන්දමින් ඔහුට පහරදී ඇති බවයි. 

ඒ සම්බන්ධයෙන් මියගොස් ඇති තැනැත්තා ගේ බිරිද පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් සිදුකිරිමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.