Friday, September 20, 2024

General line - 0115112241

ගුවන් පාලමේ ඉදිකිරීම් නිසා රාජගිරියේ වාහන ධාවනයට බාධා




රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් නිසා රාජගිරිය මංසන්ධිය අවට වාහන තදබදයක් ඇති විය හැකි බව මහමාර්ග අමාත්‍යංශය පවසනවා.

ඉදිකිරීම් සඳහා මාර්ගය කැණීම හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. 3වන වාරය සඳහා පාසල් විවෘත කිරීමට නියමිතව තිබෙන්නේ ද හෙට (31) දිනයේදීයි.

මේ නිසා රාජගිරිය මංසන්ධිය අවට හෙට අසාමාන්‍ය වාහන තදබදයක් ඇති වීමට ඉඩකඩ තිබෙනවා. එය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිතයට රියදුරන්ට පුහුණුවක් ලබාදීමේ අපේක්ෂාවෙන් අදාළ මාර්ගවල වාහන ධාවනය අද (30) සිට සීමා කරන බවයි මහමාර්ග අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ.