Friday, September 20, 2024

General line - 0115112241

දංකොටුවේ පාසල් සිසුවියක් අතුරුදන්




පාසලේ පැවැත්වෙන උපකාරක පන්තියකට සහභාගි වීමට යැයි පවසා පෙරේදා පස්වරුවේ නිවසින් පිටව ගිය පාසල් සිසුවියක් අතුරුදන් වී ඇතැයි දංකොටුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

වයස අවුරුදු 18ක් වන ඇය දංකොටුව ප‍්‍රදේශයේම පදිංචිකාරියක්. මෙම පාසල් සිසුවිය ඉකුත් දා අවසන් වූ උසස් පෙළ විභාගයට ද පෙනී සිට තිබෙනවා.

ඇයගේ පියා මියගොස් ඇති අතර මව රැකියාවක් සඳහා විදේශගත වී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. ඒ අනුව ඇය හැදීවැඞී ඇත්තේ සීයා සහ මිත්තණිය සමගයි.