Thursday, May 2, 2024

General line - 0115112241

සිව් දෙනෙකුට මරු කැඳවූ ගලේවල මාරක රිය අනතුර (PHOTOS)




ගලේවෙල, යටගල්පොත්ත ප‍්‍රදේශයේ අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

වෑන් රථයක් ලංගම බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ. ජිවිතක්‍ෂයට පත් වූ සියලූ දෙනා වෑන් රථයේ ගමන් කළ අයයි.

අනතුරෙන් තුවාල ලැබූ තවත් පස් දෙනෙකු දඹුල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. ඔවුන් දේව මංගල්‍යයකට සහභාගිවීම සදහා මාරවිල ප‍්‍රදේශයේ සිට පොළොන්නරුව බලා ගමන් කරමින් සිටියා.

අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් ගැබිණි මවක් වන යුරේෂා කැලුමිනි (31) ඇයගේ පුතා ටී සුලක්ෂණ (04) ඇයගේ නැන්දනිය ලිලී මේරි (60) සහ වෑන් රථයේ රියදුරු ඩබ්ලිව් ගහේෂාන් හර්ෂණ (21) යන අයයි.

වෑන් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සිදුවුණේ අද අලූයම එකට පමණයි. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Image00007

Image00001

Image00002

Image00003

Image00004

Image00005

Image00006