Thursday, September 19, 2024

General line - 0115112241

බිය නොවන්න! සහය දෙන්න! සුනාමි පෙරහුරුව අද




දිවයිනේ දිස්ති‍්‍රක්ක 14ක් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සුනාමි පෙරහුරු වැඩසටහනක් අද (07) පැවැත් වෙනවා. මෙය සිදු කරන්නේ ජාත්‍යන්තර සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානයේද සහයෝගය ඇතිවයි.

අනිසි බියක් ඇති කර නොගෙන මෙම වැඩසටහන සඳහා සහාය ලබාදෙන ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලිජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

කොළඹ, ගම්පහ, පුත්තලම, මන්නාරම, කිලිනොච්චිය, යාපනය සහ මුලතිව් මෙම පෙරහුරුව පැවැත්වෙන දිස්ති‍්‍රක් අතරට අයත්. එමෙන්ම ත‍්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, හම්බන්තොට, මාතර, ගාල්ල සහ කළුතර යන දිස්ත‍්‍රික්කවල ද පෙරහුරුව පැවැත්වෙනවා.