Thursday, September 19, 2024

General line - 0115112241

රට ගිහින් උපන් දරුවා විකුණන්න හැදූ අම්මා




මාස 9 ක බිළිදෙකු විකිණීමට උත්සාහ කළ මවක් මහනුවර පොලීසියේ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කටුගස්තොට ප‍්‍රදේශයේදීයි.

අදාළ කාන්තාව විදේශ ගතව සිටියදී මෙම බිළිදා බිහිකර ඇති අතර මෙරටට පැමිණ ඇත්තේ දින 3 කට පෙරයි. තී‍්‍රරෝද රථ රියදුරෙකු හරහා රුපියල් දෙදහසක මුදලකට දරුවා වෙනත් පාර්ශවයකට අළෙවි කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේදී සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් බවයි මහනුවර පොලීසියේ ප‍්‍රකාශකයෙකු සදහන් කළේ.