Thursday, September 19, 2024

General line - 0115112241

පළාත් සභා තුනක ඉරණම ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්




පළාත් සභා තුනක මැතිවරණය ලබන වසරේ මැද කාලයේ පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඊයේ (06)පස්වරුවේ කෝට්ටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒ අනුව උතුරු මැද,සබරගමුව සහ නැගෙනහිර යන පළාත් සභාවල මැතිවරණ පවත්වන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

තවත් මාස කිහිපයකින් පළාත් පාළන මැතිවරණය පවත්වන බවත් ඒවා ජය ගැනීම තම අරමුණ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පෙන්වා දුන්නා.