Thursday, May 9, 2024

General line - 0115112241

ඇමතිට ඇතුලෙ අයම වෛර කරනවලු




තමන්ගේම පක්ෂයේ අයම තමන්ට වෛර කිරීමට පටන්ගෙන ඇතැයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා පවසනවා.

අමාත්‍ය ෆයිසර් මුස්තාපා එම අදහස් පළ කළේ කොළඹ අද  (07) පැවැත් වූ මාධ්‍ය හමුවකදියි. පළාත් පාලන මැතිවරණය කල්යාම නිසා මෙම වෛරය හටගෙන ඇති බවත් පැවසුවා.

කෙසේ වෙතත් සීමා නිර්ණය පිළිබඳ කටයුතු අවසන් කරන තෙක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තමන්ට නීතියෙන් බලයක් නොමැති බවයි ඔහු අවධාරණය කළේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑවන සම්මේලනයට ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. අමාත්‍ය ෆයිසර් මුස්තාපා පැවසුවේ එමගින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තී පාවාදීමක් සිදු නොවන බවයි.