Thursday, April 25, 2024

General line - 0115112241

“දුම්කොළ බද්දට මුදල් අමාත්‍යාංශයෙන් බාධා”




දුම්කොළ බද්ද සියයට අනූවක් දක්වා වැඩි කිරීමට මුදල් අමාතශයෙන් බාධා සිදුවන බව අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියා.

ඒ  කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (07) පැවති මාධ්‍ය හමුවේදීයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමසා බැලීමට අමාත්‍යවරුන් තුන්දෙනෙකුගෙන් යුත් අනු කමිටුවක් පත්කර ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඔවුන්ගේ වාර්තාව ලබන සතියේ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කෙරෙනු ඇති බවයි අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් කියා සිටියේ.