Friday, September 20, 2024

General line - 0115112241

‘‘මහනුවර පොත් දැක්ම’’ අද සිට




ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය මගින් සංවිධානය කරන ‘‘මහනුවර පොත් දැක්ම’’ අද (29) ආරම්භ වනවා. කැන්ඩි සිටි සෙන්ටර් හි පස්වන මහලේදී අද සිට ලබන 03 වනදා දක්වා මෙම ප‍්‍රදර්ශනය පැවැත්වෙනවා. මේ සඳහා මාධ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදෙන්නේ නෙත් එෆ්.එම් රේඩියෝවයි. ‘‘මහනුවර පොත් දැක්ම’’ සංවිධායක මණ්ඩලයේ සාමාජික සමීර රත්නායක මහතා පැවසූවේ පෙරවරු 09.00 සිට රාත්‍රී 07.00 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන බවයි.

මෙම ප‍්‍රදර්ශන කලාපයේ නෙත් එෆ්.එම් මාධ්‍ය කුටියක්ද ජනතාව වෙනුවෙන් විවෘතව පවතිනවා. එම කුටියට පැමිණ විවිධ තරගවලට සහභාගී වී ත්‍යාග දිනා ගැනීමටද ජනතාවට අවස්ථාව ලබාදී තිබෙනවා. ඊට අමතරව ලක්ෂපති වරම, යාපනය සංචාරක අත්පොත, ඩිඞ් යූ නෝ ඇතුළු නෙත් එෆ්.එම් රේඩියෝව ප‍්‍රකාශයට පත් කළ පොත් සහ ධර්ම දේශනා, අට පාස්, වැනි සී.ඞීපට මිලදී ගැනීමටද හැකි වනවා.

IMG-20160629-WA0000 IMG-20160629-WA0003 IMG-20160629-WA0005 IMG-20160629-WA0006 IMG-20160629-WA0007 IMG-20160629-WA0008 IMG-20160629-WA0009 IMG-20160629-WA0010 IMG-20160629-WA0011