Saturday, April 27, 2024

General line - 0115112241

පන්නිපිටියේදී පළාගිය මෝටර් රථයේ සිටි දෙන්නෙක් කොටු (UPDATE)




පන්නිපිටිය අඹගස්හතර ප‍්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 100ක් ළඟ තබාගෙන සිටි බව කියන මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කළ මෙහෙයුමකදීයි. උපාය දූතයෙකු යොදවා මෙම මෙහෙයුම සිදු කෙරුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් පන්නිපිටිය අඹගස්හතර ප‍්‍රදේශයට පැමිණ ඇත්තේ මෝටර් රථයකින්.

එහි සිටි චම්පික පෙරේරා නොහොත් කිරුළපන චම්පි නැමැති මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ ඔහුගේ සහයකයෙකු බව කියන සම්පත් නැමැත්තා මෙලෙස අත්අඩංගුවට පත් වුණා.

එම අවස්ථාවේදීම අදාළ මෝටර් රථයේ සිටි අනෙක් සැකකරු මෝටර් රථය පදවාගෙන එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා. පොලිසියද එහිදී අදාළ මෝටර් රථයට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් පලාගිය සැකකරු හෝ මෝටර් රථය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් වාර්තා වී නැහැ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත ප‍්‍රශ්නකිරීම් සිදු කරනවා.


පන්නිපිටියේදී මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

(Jul 5, 2016 @ 12:08)

පන්නිපිටිය අඹගස්හතර ප‍්‍රදේශයේදී පොලිසිය මෝටර් රථයකට වෙඩි තබා තිබෙනවා.

සැක කටයුතු ලෙස පලා යාමේදී මෙම වෙඩි තැබීම සිදුකෙරුණු බවයි පොලිසිය පවසන්නේ.

අදාළ මෝටර් රථයේ මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කෙරෙන බවට පොලිසියට තොරතුරක් ලැබී තිබුණා.

වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුවූ බවක් හෝ සිදුවූ වෙනත් හානි තවමත් තහවුරු වී නැහැ.

අදාළ මෝටර් රථය තලවතුගොඩ දෙසට පළා ගොස් ඇති බවට පොලීසිය සැක පළ කරනවා.