Friday, April 26, 2024

General line - 0115112241

කොටි සැකකරුට වෙඩි තිබ්බ මේජර්ට සමාව දෙන්න ඉල්ලුවේ නැහැලු




අධිකරණය විසින් රුපියල් ලක්ෂ විස්සක වන්දියක් ගෙවීමට නියම වූ විශ‍්‍රාමික මේජර් විමල් වික‍්‍රමගේ ඉල්ලීමක් කළහොත් ඔහුට ජනාධිපති සමාව ලබාදීමට සලකා බැලිය හැකි බව ආණ්ඩුව පවසනවා.

අත්අඩංගුවේ සිටි එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකු පලා යාමට උත්සහ කිරීමේදී නොසැලකිලිමත්ව වෙඩි තබා ඔහුගේ මරණය සිදු කළ බවටයි මේජර් විමල් වික‍්‍රමගේ වරදකරු වී සිටින්නේ. මේ පිළිබඳව කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ (14) පැවැත් වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන්  ප‍්‍රශ්න කළා.

ඊට පිළිතුරු දුන් අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ “මේ නඩු තීන්දුව දීලා තියෙන්නෙ මේ නිලධාරියාට විතරයි. අනුකණ්ඩය පිළිබඳවත් වෙන දෙයක්වත් ඇත්තෙ නැහැ. එයා හමුදාවෙන් ඉල්ලීමක් කරලවත් නෑ.. තමන්ගෙ මේ මුදල ගෙවන්න කියලා. ඉල්ලීමක් කරනවා නම් මේ වෙනකොට කරන්න එපැයි.. දැන් කොච්චර දවස්ද?. එයා ඉල්ලීමක් කරලා තිබ්බ නම් සමාව දීමක් ගැන සොයා බලන්න පුළුවන්.” යනුවෙනි.

හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්නද මෙහිදී අදහස් පළ කළා. ඔහු කියා සිටියේ විශ‍්‍රාමික මේජර් විමල් වික‍්‍රමගේ සිය සේවා කාලය තුළ හොඳින් සේවය කර ඇති බවයි.