Friday, April 19, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවෙන් කාපු කෑමට අර්ජුන හිටියා නම්..




ඕස්ටේ‍්‍රලියාව සමග ඉකුත්දා පැවති පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරග දෙකේදී ශී‍්‍ර ලංකාව පරාජය වීමට බලපෑ හේතුවක් පිළිබඳව හිටපු ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග හෙළි කළා.

එහිදී ඔහු පැවසුවේ “ඔය මැක්ස්වෙල් කියන පුද්ගලයට මම හිටියා නම් මුල් පාන්දුවාර හය හෝ 07 යනකම් වේගපන්දු යවන්නෙක් එක්ක යන්නෙ. මොකද එයාට එච්චර හොඳ ඩිෆෙන්ස් එකක නැහැ. තාක්ෂණය අන්තිමයි. ඉතින් එතකොට අපි දැනගන්න ඕනේ ස්ලිප්ලා දෙන්නෙක් විතර දාලා මේ මනුස්සයාව ඉස්සෙල්ලා අවුට් කර ගන්න. අපි කළේ කෑම පිඟානට දාලා අනලා කරලා කටටම දාලා දුන්නා කන්න කියලා වගේ වැඩක්.” යනුවෙනි.

බ‍්‍රසීලයේ පැවති රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගි වූ පිරිස කවුරුන්දැයි සොයා බැලීමට ස්වාධීන කමිටුවක් පත්කරන්නැයිද අමාත්‍ය අර්ජුන රණතුංග, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරනවා.

මෙවර ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා නිලධාරීන් හතලිස් දෙනෙකු සහභාගි වූ බවට මාධ්‍ය වාර්තා පළ වුණා. එ් සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු අමාත්‍ය අර්ජුණ රණතුංග මේ බව සඳහන් කළා.