Monday, December 9, 2024

General line - 0115112241

ජනප‍්‍රිය පාසල් ඉල්ලා වෛද්‍යවරුන් කළේ රඟපෑමක්ද ?




සිය දරුවන් ජනපි‍්‍රය පාසල්වලට ඇතුළත් කරන ලෙස ඉල්ලමින් තවදුරටත් වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට එළඹෙන්නේ නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සමග පැවති සාක්ච්ඡාවේදී ලබාදුන් පොරොන්දු පදනම් කර ගනිමින්.

එහි දී සිය ගැටළුවට සාදාරණ විසඳුමක් ලබා දෙන බවට අමාත්‍යවරයා පොරොන්දු වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.

කෙසේ වෙතත් සිය දරුවන් ජනප‍්‍රිය පාසල්වලට ඇතුළත් කර ගන්නැයි ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශ පරිශ‍්‍රයේ බලහත්කාරයෙන් රැදී සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා.

වෛද්‍යවරුන් සිදු කළේ ව්‍යාජ රංගනයක් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා චෝදනා කළේ.