Friday, September 20, 2024

General line - 0115112241

හිටපු කොටි ලොක්කාගේ ගුණ කොටි පොඩ්ඩෝ යාපනයේදී සැමරූ හැටි (PHOTOS)




සිංහල ජනතාව උතුරේ පදිංචි වීමට විරුද්ධව හා ඉන්දීය රජය එල් ටි ටි සංවිධානය සමග සාකච්ජා කළ යුතු බවට ඉල්ලීම් කරමින් යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිට උපවාසයක් පවත්වමින් සිටියදි ජිවිතක්ෂයට පත්වු එල් ටි ටි සංවිධානයේ හිටපු නායකයෙකු ලෙස කටයුතු කළ ත්‍යාගදීපන් දිලීපන් නමැත්තාගේ 29 වැනි ගුණ සමරුව හිටපු එල් ටි ටි සාමාජිකයින්ගේන් සමන්විත ප‍්‍රජාත්නත‍්‍රවාදි විමුක්තිකාමි පක්ෂ සාමාජිකයින් ඊයේ (15) සිදුකරනු ලැබීය.

හිටපු එල් ටි ටි සංවිධානයේ සාමාජිකයින් දිලීපන් මියගිය ස්ථානයේ පහන් දල්වා ගුණ සැමරුම සිදු කරනු ලැබීය.
දිලීපන් 1987 අගෝස්තු 15 වැනිදා උපවාසය ආරම්භ කළ අතර, 1987 අගෝස්තු 26 වැනිදා ජිවිතක්ෂයට පත්වූහ.

ඉන්දීය සාම සාධක හමුදාව දෙමළ ජනතාවට සිදුකරන බලපෑම් නවතා දමා ඉන්දීය රජය එල් ටි ටි සංවිධානය සමග සාකච්ජා කළ යුතු බවට ඉල්ලීම් කරමින් දිලීපන් දින 12 ක් උපවාස කරමින් සිටියදි ජිවිතක්ෂයට පත්විණ.

දිලීපන් උපවාස කරමින් සිටින අවස්ථාවේ එල් ටි ටි සංවිධාන නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ද දිලීපන් හමුවීමට පැමිණි බැව් යාපනය ජනතාව පවසති.

දිලීපන් යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුවෙකු ලෙස සිට අවස්ථාවක එල් ටි ටි සංවිධානය වෙත එක්ව සිටියහ.

ගුණ සැමරුම වෙනුවෙන් එක් වු හිටපු එල් ටි ටි සාමාජිකයින් පවසා ඇත්තේ දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් කටයුතු කළ දිලීපන් සැමරිය යුතු පුද්ගලයෙකු වන බවයි.

දිලීපන් වෙනුවෙන් එල් ටි ටි සංවිධානයේ ලූතිනන් කර්නල් ලබාදි තිබිණ.

unnamed

unnamed-1

unnamed-2

unnamed-3