Thursday, May 9, 2024

General line - 0115112241

ඇමති තෙවරප්පෙරුම සමග යකා නැටූ අම්මලා 09ක් අත්අඩංගුවට



මතුගම,මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් සිසුන් ඇතුළත් කිරීමේ චෝදනාව මත මව්වරුන් 09කු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා උපවාසයක නිරතවූයේ මෙම මව්වරුන් 09 දෙනාගේ දරුවන් ඇතුළු සිසුන් 10කු ඇතුළත් කරන ලෙස ඉල්ලමිනි. පසුව අමාත්‍යවරයා එම දරුවන්ගේ නම් බලහත්කාරයෙන් විද්‍යාලයේ සිසුන් ඇතුළත් කිරීමේ ලේඛණයක සටහන් කරනු ලැබුවා.

කෙසේ වෙතත් ක්‍රියාවලිය අවසාන වූයේ නියෝජ්‍ය අමාත්‍යවරයා සියදිවි නසාගැනීමට දැරූ උත්සාහයකිනි.

බලහත්කාරයෙන් ඇතුළත් කරනු ලැබූ දරුවන් රැගෙන එම දරුවන්ගේ මව්වරුන් පාසලට අද (05) පැමිණි පසු ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා. ඒ “අයුතු ජනරාශිය“ කිරීමේ චෝදනාව මතයි.

අත්අඩංගුවට ගනු ලැබූ මව්වරුන් 09දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.