Saturday, April 20, 2024

General line - 0115112241

දුරකථන ගාස්තු අඩු කරන්න!




දුරකථන සහ අන්තර්ජාල ගාස්තු මත වැට් බදු පැනවීම අහෝසි කරන්නැයි සමාජවාදී තරුණ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

නව තීරණයත් සමග දුරකථන සහ අන්තර්ජාල ගාස්තු මත සියයට පනහකට ආසන්න බද්දක් පැනවෙන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

දුරකථන සහ අන්තර්ජාල ගාස්තු මත මෙලෙස බදු පැනවීම රටේ තරුණයින්ට කරන විශාල ආසාධාරණයක් බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.