Saturday, April 27, 2024

General line - 0115112241

සුඛෝපභෝගී නිවාස වල අයට ඡන්දේ නෑ?




සුඛෝපභෝගී නිවාසවල සහ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණවල ජීවත් වන ජනතාවගේ තොරතුරු ඡන්ද හිමි නාම ලේඛනයට එක්කර ගැනීම අපහසු වී ඇතැයි මැතිවරණ කොමිසම පවසනවා.

ඡන්ද හිමි නාම ලේඛන ප‍්‍රතිසංශෝධනය කරන අවස්ථාවල ඔවුන්ගෙන් විශාල සහයෝගයක් නොලැබෙන බවයි මෙහි දී ප‍්‍රකාශ කෙරුණේ. ඊට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ ඔවුන් වෙත තොරතුරු ගලා යාමේ දී ඇති වන ගැටළුවයි. මෙම තත්වය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය පැවසුවේ.

වීථි ජනතාව ලියාපදිංචි කිරීමේ දී ද ගැටළුවක් පැන නැගී ඇති බවයි මහින්ද දේශප‍්‍රිය සඳහන් කළේ.

ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීමේ මූලික කටයුතු දැනටමත් අවසන් කර තිබෙනවා. එහි කෙටුම්පත ප‍්‍රදර්ශනය කිරීමටයි පියවර ගෙන ඇත්තේ. අදාළ කාල සීමාව තුළ ඡන්ද නාම ලේඛනයට ඇතුළත් නොවු පුද්ගලයින්ගේ නම් ඇතුළත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.