Saturday, April 20, 2024

General line - 0115112241

උතුරු මැද මහඇමතිගේ නිවසින් උණ්ඩ මතුවෙයි




උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාට අයත් නිල නිවසේ ළිඳෙහි තිබී ටී 56 උණ්ඩ තොගයක් අද (16) සොයා ගැනුණා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ කම්කරුවන් පිරිසක් ළිඳ පිරිසිදු කරමින් සිටියදී මෙම උණ්ඩ තොගය සොයා ගැනුණු බවයි. ඒ අතර උණ්ඩ 200කට වැඩි ප‍්‍රමාණයක් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් ඒවා භාවිතයට ගත නොහැකි පරිදි දිරා ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.