Sunday, December 8, 2024

General line - 0115112241

අලුත් වූ වැට් පනතට ජවිපෙත් එරෙහි වෙයි




නව වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය භාවිත කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

කොළඹ අද (16) පෙරවරුවේ පැවැත් වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් සඳහන් කළේ පනත සම්මත වීමට පෙර ජනතාවගෙන් අය කරගත් බදු මුදල් යළි ලබාදීමට ආණ්ඩුව විධිමත් යාන්ත‍්‍රණයක් සකස් කළ යුතු බවයි.

 
ආණ්ඩුව ස්ථාවර වුවද එහි ප‍්‍රතිලාභ ජනතාවට ලැබිය යුතු බවයි මන්ත‍්‍රීවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.