Monday, December 9, 2024

General line - 0115112241

දුම්කොළ බද්දට අනුරපුරෙන් තල්ලුවක්




දුම්කොළ ආශ‍්‍රිත නිෂ්පාදන බද්ද සියයට 90 දක්වා ඉහළ දමන්නැයි බලකරමින් පෙත්සමකට අත්සන් ගැනීම අනුරාධපුරයේදී අද (16) සිදුකෙරුණා.

මෙය සංවිධාන කර තිබුණේ දුම් පානය මගින් බරපතළ රෝගාබාධවලට ලක්වූ පුද්ගලයින්ගේ දරුවන් විසින් ආරම්භ කරන ලද පූදින මල් නමැති සංවිධානය විසින්.

ඊට අද දිනයේදී විශාල පිරිසක් අත්සන් කළ බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. අදාළ පෙත්සම ඉදිරියේදී රජයට භාරදීමට නියමිතයි.