ලබන 18 වෙනිදා පැවැත්වීමට නියමිත දිවිනැගුම සංවර්ධන නිලධාරී 3වන පංතියට බඳවා ගැනීමේ තරග විභාගය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අද (16) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා. ඊට අමාත්‍ය එස්.බී. දිසානායක, දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විභාග අංශයේ නිලධාරීන් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
අයදුම්කරුවන් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් ඉල්ලුම් පත් ඉදිරිපත් කළ ද විභාග අපේක්ෂකත්වය ලැබී ඇත්තේ අනූ දහසකට ආසන්න පිරිසකට පමණයි.
විභාගය සඳහා අවස්ථාව නොලැබීමෙන් තමන්ට අසාධාරණයක් සිදුවූ බව අපේක්ෂකයින් පෙන්වා දී තිබෙනවා.