Friday, April 26, 2024

General line - 0115112241

එල්.ටී.ටී නායකයාගේ ගුණ සිහිකර කිලිනොච්චියේ පෝස්ටර් අලවයි (PHOTOS)




සිංහල ජනතාව උතුරේ පදිංචි වීමට එරෙහිව උපවාසයක් සිදු කරමින් සිටිය දී ජීවිතක්ෂයට පත් වූ එල්.ටී.ටී.ඊ. හිටපු නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන්ගේ ගුණ සමරමින් කිලිනොච්චි නගරයේ පෝස්ටර් අලවා තිබෙනවා.

ඔහු ජීවිතක්ෂයට පත් වූ යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිට පහන් දැල්වීමක් ද සිදු කර තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම සැමරුම සිදු කර ඇත්තේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින්.

දින 12 ක උපවාසයකින් පසු දිලීපන් නමැත්තා 1987 අගෝස්තු 26 වනදා ජීවිතක්ෂයට පත්ව තිබුණා.

poster-www-nethnews-lk00001 poster-www-nethnews-lk00002 poster-www-nethnews-lk00003