Friday, September 20, 2024

General line - 0115112241

වත්තල ගින්නක් – ගිනිනිවීම් ඒකක ගින්න නිවන්න උපරිම උත්සහයක




වත්තල හුණුපිටිය දික්පිටිගොඩ ප‍්‍රදේශයේ ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (18) අලුයම 4.30 ට පමණ ගින්න හට ගැණුනු බවට තොරතුරු ලැබුණු බවයි.

ඒ අනුව ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ මේ වනවිට අදාළ ස්ථානයට යොමු කර තිබෙනවා. මෙම කර්මාන්තශාලාව ආසන්නයේ නිවාස කිහිපයක් ද පිහිටා ඇති බැවින් ගින්න පැතිරීම කඩිනමින් පාලනය කළ යුතු බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ.