Friday, September 20, 2024

General line - 0115112241

කිලිනොච්චි පොදු වෙළඳපොළට දැඩි පොලිස් ආරක්ෂාව




කිලිනොච්චිය පොදු වෙළඳ සංකීර්ණයේ පෙරේදා (16) රාත‍්‍රියේ හටගත් ගින්නෙන් පසු වෙළඳසැල්වල භාණ්ඩ කොල්ලකෑමට ප‍්‍රදේශයේ පිරිසක් උත්සහ දරමින් සිටින බව වාර්තා වනවා.

මේ නිසා වෙළඳ සංකීර්ණය අවට ප‍්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති බවයි නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ.

ගින්නෙන් වෙළඳසැල් 78 ක් මුළුමනින්ම විනාශ වුණා. තවත් විස්සකට පමණ අර්ධ වශයෙන් හානි සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇති බවට සැක කෙරෙනවා.

ගින්නෙන් සිදු වූ අලාභය රුපියල් කෝටි 30 කට වඩා වැඩි විය හැකි බවයි කිලිනොච්චිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත ගණන් බැලීමක් මේ දක්වා සිදු කර නැහැ.