Sunday, December 8, 2024

General line - 0115112241

හිටපු LTTE නායකයා සිහිකරන්න අදත් උත්සව




මියගිය එල්.ටී.ටී.ඊ. නායකයෙකු බව කියන ත්‍යාගදීපන් දිලීපන් නැමැත්තා සිහිකර සැමරුම් උත්සවයක් පැවැත්වීමට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම සැමරුම් උත්සවය අද (18) දිනයේ දී කිලිනොච්චි නගරයේ පිහිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ දී පැවැත්වෙනු ඇති.

උතුරේ සිංහල ජනතාව පදිංචි කරවීමට විරුද්ධව සහ ඉන්දීය රජය එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාකච්ඡා කළ යුතු බවට ඉල්ලමින් යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිට උපවාසයක් පවත්වමින් සිටිය දී ත්‍යාගදීපන් දිලීපන් නමැත්තා ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු මෙම උපවාසය ආරම්භ කරන ලද්දේ 1987 වසරේ අගෝස්තු මස 15 වැනිදායි. අගෝස්තු මස 26 වන දා ඔහු ජීවිතක්ෂයට පත්වුණා. දිලීපන් උපවාසය කරමින් සිටින අතරතුර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් ද පැමිණ ඔහු හමුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ත්‍යාගදීපන් දිලීපන්ගේ ගුණ සමරු උත්සවයක් ඉකුත් 15 වැනිදා ද පැවැත්වුණා. එය සංවිධාන කර තිබුණේ හිටපු එල්.ටී.ටී.ඊ. ක‍්‍රියාකාරීන් පිරිසක් විසින්. දිලීපන් මියගිය ස්ථානයේ දී පහන් දල්වා මෙම සැමරුම් උත්සවය සිදු කෙරුණු බවයි වාර්තා වුණේ.

unnamed-2-2