Friday, September 20, 2024

General line - 0115112241

රත්නපුරයේදී ඇතෙකු කුලප්පු කළ ඇත්ගොව්වා අත්අඩංගුවට




රත්නපුරයේ දේවාලයක පෙරහැරකට සහභාගි වී සිටි බීමත් ඇත්ගොව්වෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

මෙම ඇත්ගොව්වා පෙරහැරට රැගෙනවිත් තිබූ ඇතෙකුට හිංසා කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

පසුව ඇතා කලබලයට පත්වූ අතර පොලිසිය මැදිහත් වීමෙන් ඇති වූ නොසන්සුන් තත්ත්වය පාලනය කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනයකින් අනතුරුවයි ඇත්ගොව්වා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුව සැකකරු රත්නපුර වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.