Friday, September 20, 2024

General line - 0115112241

කඩවූ විශ්වාසය ගොඩනගන හැටි රජය උතුරට කියයි (PHOTOS)




ගොඩනැගිලි නැවත ඉදිකිරීම පහසු වුවද බිඳවැටුණු විශ්වාසය ගොඩනැගීම අපහසු බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පවසනවා.

වත්මන් රජයේ ප‍්‍රධානම අරමුණ වන්නේ එම විශ්වාසය යළි ස්ථාපිත කිරීම බවයි ඔහු කියා සිටියේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මුලතිව් ඔඞ්ඩුසුඩාන් හි නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට අද එක්වෙමින්.

“යුද්දය පැවති කාලයේදී මේ ප්‍රදේශයේ විශාල විනාශයක් වුණා.ගොඩනැගිලි විතරක් නෙමෙයි ජනතාව අතර විශ්වාසයත් කඩවුණා. අද ඒ සියලු දේම අපි නැවත ගොඩනගන්න ඕනේ. ගොඩනැගිලි නැවත ඉදිකරන එක පහසු දෙයක් , කඩවෙච්ච විශ්වාසය නැවත ගොඩනගන එක ඊට වඩා ටිකක් අමාරුවෙනවා. රජයේ ප්‍රධාන අරමුණ අන්න ඒ විශ්වාසය නැවත ගොඩනගලා මේ රටේ ජනතාව මේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙලට එකමුතු කරගන්න එක. නීතිය හා සාමය ආරක්ෂා කිරීම , මහජන සාමය ආරක්ෂා කිරීම , මම කියපු වැඩපිළිවෙලේ ප්‍රධාන තැනක් ගන්නවා”.

පොලිසිය ජනතාවට වඩාත් සමීප වීම යුගයේ අවශ්‍යතාවක් වී ඇති බවද සාගල රත්නායක අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මෙම අවස්ථාවට අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මෙන්ම දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් හා පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසක් එක්ව සිටියා.

police-www-nethnews-lk00001 police-www-nethnews-lk00002 police-www-nethnews-lk00003 police-www-nethnews-lk00004 police-www-nethnews-lk00005 police-www-nethnews-lk00006 police-www-nethnews-lk00007 police-www-nethnews-lk00008