Friday, September 20, 2024

General line - 0115112241

පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපතිට තාවකාලික ස්ථාන මාරුවක්




සිර මැදිරිය තුළ සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා වහාම කි‍්‍රයාත්මක වන පරිදි මාරු කර යවා තිබෙනවා. ඒ, ගම්පොළ පොලිස් ස්ථානය වෙතටයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් කි‍්‍රයාත්මක බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

එබැවින් මහනුවර – මාතලේ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මත පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයාට තාවකාලික ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.