Tuesday, April 30, 2024

General line - 0115112241

නිව්යෝර්ක් නුවරට පැමිණි ජනපති මෛතී‍්‍රට ඉහළ පිළිගැනීමක් (PHOTOS/VIDEO)




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමෙරිකාවට පැමිණියා.

ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් නිව්යෝර්ක් නුවරට පැමිණි ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස හරසරින් පිළිගනු ලැබූවේ අමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ප‍්‍රසාද් කාරියවසම් විසින්.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යායේ පිරිසක් ද එක්ව සිටියා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන බදාදා මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතයි.

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ වන මෙම සැසිවාරයට රාජ්‍ය නායකයින් 154 දෙනෙකු සහභාගී වනු ඇති.

01 02 03 04 05 06